පොළොන්නරුවේ ලංගමය වර්ජනයක


(ඩබ්. ඒ. පියතිලක)
 
වැඩිකළ වැටුප් ලබා දෙන්නයි ඉල්ලමින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පොළොන්නරුව ඩිපෝවේ සේවකයෝ බස් රථ ධාවනයෙන් ඉවත් වී අද (16) වර්ජනයක නිරත වූහ.
 
ශ්‍රී ලංකා  නිදහස් ප්‍රවාහන සේවක සමිතියේ පොළොන්නරුව ශාඛාවේ සභාපති  එම්. එම්. සනත් බණ්ඩාර  මෙසේ කීය.
 
“වසර කිහිපයක සිට අපි සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව පැවැසුවත් මෙතෙක් එම වැඩිකළ වැටුප ලබා නොදීම නිසා  අපි  මෙම වර්ජනය ක්‍රියාත්මක කළා. පොළොන්නරුව ඩිපෝවට අයත් බස් රථ  100ක් පමණ අද(16) දුර සහ කෙටි ධාවනයෙන් ඉවත්ව සිටිනවා.
 
වැඩි කළ වැටුප් අපට දෙනතුරු මෙම වර්ජනය ක්‍රියාත්මක කරනවා. වර්ජනය හෙතුවෙන්  මහජනතාව පත්වන අපහසුතාවය ගැනත් අපි කනගාටුව ප්‍රකාශ කරනවා.
 
බලධාරීන් අපිට විසඳුමක් දුන්නොත් දැන් අපි මෙම වර්ජනයෙන් ඉවත් වෙනවා. විසඳුමක් දෙන තුරු මෙම වර්ජනය ක්‍රියාත්මක කරනවා. රට පුරා සිටින වෘත්තිය සමිති  ද වර්ජනයට හෙට දිනයේ සිට එක්වීමට කටයතු කරාවි” යැයි කීය.