පොසොන් පෝය යෙදුනු 18,19 දෙදින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රජරට ප්‍රාදේශිකය බස්රථ 463 ක් ධාවනයේ යොදවා රුපියල් ලක්ෂ 120 ක් උපයාගෙන ඇති බව එහි ධාවන කළමණාකාර සිසිර ද සිල්වා මහතා කියයි.
සාමාන්‍ය දිනයක ආදායම රුපියල් ලක්ෂ 50 පමණ වන බවත් මෙම දෙදිනේ දී අමතරව රුපියල් ලක්ෂ 20 ක් උපයාගෙන ඇති බවත් ඔහු කියයි.