පොලු වලින් පහරදී පුද්ගලයකු ඝාතනය කරලා


(සුමිත් ප්‍රේමතිලක )

හිසට පොලුවලින්  පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක්   අද (24) අලුයම ඔහුගේ නිවස ඉදිරිපිටදීම හමුවූ බව දොඩංගොඩ පොලිසිය පවසයි .

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා දොඩංගොඩ , නෑහින්න, කඩවත්ගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටී ගබඩාගේ චන්දිමාල් ප්‍රදීප් කුමාර නමැති (49) හැවිරිදි පුද්ගලයකු බවට හදුනාගෙන ඇති බව පොලිසිය කියයි .

අද අලුයම 1.30 ට  පමණ ඝාතනය සිදුව ඇති බවට සැක පළ කරයි. පොලීසිය සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට රඳවාගෙන ඇත. කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් අද  උදෑසන පරීක්ෂණ පැවැත්විය.

දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති .