පොලීසිය යැයි අඟවා නිවෙස්වලට ගොස් කොල්ල කාලා


 (  එච්. චන්දන )

පොලිස් නිළධාරියකු ලෙස අඟවා නිවෙස් වලට ගොස් මුදල් සහා දේපල සොරකම් කළ අයෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි.

එම ඒකකයට ලද තොරතුර අනුව මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ අළුවිහාරයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා පුත්තලම පොලිස් කොට්ඨාශයේ පිහිටි මුන්දලම පොලිස් වසමේ නිවසකට ගොස් රුපියල් 10500.00 මුදලක්ද , මහකුඹුක්කඩවල පොලිස් වසමේ රුපියල් 20000.00 මුදලක්ද , පුත්තලම පොලිස් වසමේ එක් ස්ථානයකින් රු 13000.00 ක්ද තවත් ස්ථාන දෙකකින්  , රු 15000.00 ක්ද , රු 3000.00 හා ජංගම දුරකථනයක්ද , කරුවලගස්වැව පොලිස් වසමෙන් රු 20000.00 මුදලක්ද , වානාතවිල්ළුව පොලිස් වසමෙන් එක් ස්ථානයක රු11000.00 සැම්සුන් වර්ගයේ ජංගම දුරකථනයක්,  තවස් ස්ථානයකින් රැ 20000.00 මුදලක් මෙලෙස බලහත් කාරයෙන් ලබා ගන ඇති බව මෙම ඒකකය කල විමර්ශණ වලදී අණාවර්ණය වී තිබේ.

අත් අඩංගුවට ගත් පුද්ගලයා නිවෙස් වලට ගොස් විවිධ වහසි බස් දොඩා එම නිවැසියන් සම්බන්ධව යම්  පැමිණිල්ලක් වරදක් සිදු වී ඇති බවත් එය මූලික පරීක්ෂණයට තමන් පැමිණි බවත් ,  පවසා එය සහනයක් ලබා දීමට මෙම මුදල් ලබා ගෙන ඇති බවයි  සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

 මෙම පුද්ගලයා කුරුණෑගල මිනුවන්ගැටේ පොලිස් වසමේ අලෙවිය තබා තිබූ යතුරු පැදියක්ද මිලදී ගැනීමේ මුවාවෙන් සොරකම් කර ඇති බවත් එම යතුරු පැදිය හා ජංගම දුරකථන 04 ක්ද අත් අඩංගුවට ගෙන තිබේ .