පොලිස් වසම් හයක රන්මාල කොල්ල කෑ 3ක් අත්අඩංගුවට


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
 
යතුරු පැදියක් යොදාගනිමින් පොලිස් වසම් හයක රන්මාල කොල්ල කෑ තිදෙනකු හෙරොයින් මිලිග්‍රෑම් 590ක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර මීට මාස තුනකට ඉහතදී සොරකම් කිහිපයක් කරන අතරතුර පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ඉන් මිදී පලා ගිය සැකකරුවකු ද වන බවත් ඔහු එම කල්ලියේ ප්‍රධානියා බවත් පොලිසිය කියයි.  
       
අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්න බව ද පොලිසිය පවසයි.     
                                
සැකකරුවන් කතරගම පදිංචි 30, 32 හා 35 වැයති පුද්ගලයන් බව පැවසේ.
ඔවුන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.