(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මල්වත්ත ප්‍රදේශයේ රථවාහන රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරින් පිරිසකගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනකු මේ මස 18 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (14) නියම කළේය.
මහේස්ත්‍රාත්වරයා සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් ද නිකුත් කළේය.
හලාවත කුරුණෑගල මාර්ගයේ මල්වත්ත ප්‍රදේශයේ රථ වාහන රාජකාරිවල නිරතව සිටි හලාවත රථවාහන පොලිස් ඒකකයේ නිලධාරීන් පිරිසකට බීමතින් ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර ඇති අතර ඉන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.