(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි )
බලන්ගොඩ පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් නිළධාරීයෙකුගේ රාජකාරියට බාධා කරමින් පහර දුන් සැකකරුවෙකු මේ මස ( 22) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (08) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බලන්ගොඩ මුගුනමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉකුත් 31 වැනිදා බලන්ගොඩ කිරිදිගල පදික මාරු ව අසළ රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට මෙම සැකකරු විසින් රාජකාරියට බාධා කරමින් පහර දි තබෙන අතර ඉකුත් පළවැනිදා අධිකරණට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහු මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
පොලිස් නිලධාරියෙකුට පහරදුන් පුද්ගලයෙක් යළි රිමාන්ඩ්
Recommended Articles