(දියතලාව - ඩී.කේ.රත්න)
මොණරාගල දඹගල්ල පොලිස් වසමේ තඹාන රක්ෂිතයේ ඉතාමත්ම රහසිගතව වගා කර තිබූ ගංජා හේනක් වැටලීමට ගිය පොලිස් නිලධාරිවරයෙකුට බඳින ලද තුවක්කුවක් පත්තුවී අද (26) හවස 5.00 ට පමණ වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලබා මොණරාගල සිරිගල මූලික රෝහලට ඇතුලත් කර ඇතයි පොලීසිය පවසයි.
දඹගල්ල පොලීසියට අනුයුක්තව සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 29543 එච්.ඒ.ලයනල් දිසානායක නැමති පොලිස් කොස්තාපල්වරයෙකු මෙම වෙඩි වැදීම නිසා මොණරාගල සිරිගල මූලික රෝහලට ඇතුලත් කර ඇත.
දඹගල්ල පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ සිදු කරයි.