(ජවුෆර්ඛාන්)
මඩකලපුව පොලීසියට අනියුක්තව රාජකාරි කළ ‘ඩොලී‘ නම් පොලිස් සුනඛයා මිය ගොස් ඇතැයි මඩකළපුව පොලීසිය පවසයි.
2010.10.31 දින නෙදර්ලන්තයේ උපත ලැබු මෙම පොලිස් සුනඛයා 2011 වසරේදී නුවර පොලීසියට ගෙන්ව ලැබ ඇති අතර 2011.09.27දින 86802 අංක දරණ පොලිස් කොස්තාපල් දර්ශන මහතා විසින් වෙඩි බෙහෙත් සෙවීමේ විශේෂ පුහුණුව ලබාදී 2012.9.27 දින මඩකලපුව පොලිසියට ගෙනවිත් තිබේ.
ජනපති,අගමැති ඇතුළු රාජ්‍ය නායකයින්ගෙ උතුරේ සංචාරවලදීද ඩොලී විශේෂ ආරක්ෂාවක් සැපයීය. ඩොලී මිය යෑමෙන් පසු ආගමික වතාවත් සිදු කර පොලිස් උත්තමාචාර මැද ඊයේ (21) අවසන් කටයුතු සිදු කෙරිණි.
මුලස්ථාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සෙසු නිලධාරීහු සිදු කළහ.