( අමදෝරු අමරජීව)
යතුරුපැදි සොරකමකට අත්අඩංගුවට ගෙන කූඩුවේ රඳවා සිටි සැකකරුවෙකු පලා ගොස් පැය කිහිපයකට පසු ගනේෂ් පටුමගේ පිහිටි සැකකරුගේ නිවසේ සැඟවි සිටියදි අත්අඩංගුවට ගැනිමට උප්පුවේලි පොලීසිය සමත්විය.
සැකකරුපොලිස් කුඩුවේ රඳවා සිටියදි කඩදාසි කැබැල්ලකට ගිණි තබා සැකකරු ගිනි තබා ගැනිමට යන ව්‍යාජ රගපෑමක් කරද්දි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියා කුඩුව විවෘත කර එය නිවිමට උත්සහගත් අවස්ථාවේ සැකකරු මෙසේ පලාගොස් තිබුණි.
මෙම සිද්ධියත් සමඟ එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිලධාරින් දෙදෙනා නිසි ලෙස රාජකාරි නොකිරිම හේතුවෙන් සේවය අත්හිටුවිමට පොලිසිය පියවර ගනු ලැබිය.
සැකකරු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ ආරම්භ කරද්දි සැකකරු නිවසේ සැඟවි සිටින බවට සැක සිති පරික්ෂා කිරිමේදි සැකකරු අත්අඩංගුවට ගැනිමට පොලිසියට හැකිවිය.
උප්පුවේලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.