පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ


(රවී ප්‍රභාත් නෙත්තසිංහ)

පොල්ලකින් පහරදී කොළඹගම ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කර ඇති බව කටුපොත පොලිසිය කියයි. ඝාතනය සිදුකළ බව කියන වයස අවුරුදු 36 ක කාන්තාවක් ද සිය සැමියා සමඟ පොලිසියට බාරවී තිබේ.

අද (21) උදෑසන මෙම මිනීමැරුම සිදුකළ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ එම්.එන්.හේරත් සිංඤේඤෝ නැමැති වයස අවුරුදු 50 ක පුද්ගලයෙකි.