පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කළ 4ක් අත්අඩංගුවට


(ජූඩ් සමන්ත සහ ලලිත් නවරත්න)
 
පොල්ලකින් පහර දී තරුණයෙකු ඝාතනය කළ බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි.                                                           
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මදුරන්කුලිය - ආමකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි ලක්ෂමන් ආනන්ද (32) නමැති පුද්ගලයෙකි.

පහර ලැබූ තැනැත්තා කොළඹ මහ රෝහලට මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(24) මිය ගොස් ඇතැයි පොලසිය පවසයි.
 
පසුගිය 23 වැනිදා සවස මදුරන්කුලිය - කරිකට්ටිය ප්‍රදේශයේදී මෙම පහර දීම සිදුවී ඇති අතර පහර දීමට හේතුව ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක්  බව අනාවරණය වී ඇත.