(දසුන් රාජපක්ෂ)
මන්නාරම පේසාලේ ප්‍රදේශයට ආසන්න මුහුදු තිරයේ අද (9) කළ සෝදිසි මෙහෙයුමකදී පාර්සල් 29 ක බහා තිබූ බීඩි කොළ කිලෝ 1448 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මෙරට මුහුදු සීමාව තුළ සිදුකෙරෙන නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට දිනපතා කෙරෙන මුර සංචාරයක් අතරතුර මුහුදේ පාවෙමින් තිබියදී මෙම බීඩි කොළ තොගය සොයාගෙන ඇති අතර ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඒවා යාපනය රේගු කාර්යාලය වෙත භාර දුන් බව ද නාවික හමුදාව කියා සිටියේය.
මෙම වසර තුළදී බීඩි කොළ ටොන් 60 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

