(හේමලතා ඩී. හේවගේ)
මීගමුව - හලාවත ප‍්‍රධාන මාර්ගයේ පෙරියමුල්ල ප‍්‍රදේශයේදී අද (05) සවස ඇති වූ ගින්නකින් කැබිලි රෙදි අළෙවි කරන වෙළඳසැල් දෙකකට දැඩි අලාභ හානි සිදුව ඇති බව මීගමුව පොලිසිය පවසයි.
එම වෙළඳසැල් දෙකට පිටුපස පිහිටි කසල රෙදි කැබලි ගොඩක හටගත් ගින්නක් පැතිරයාමෙන් මෙම හානිය සිදුව ඇති බව පොලිසිය කියයි.
ගින්නෙන් කිසිවෙකුට හානි සිදුව නොමැති අතර මීගමුව ගිනි නිවන රථය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ගින්න පාලනය කර ඇති බවත් ගින්න පැතිරයාමෙන් මීගමුව - හලාවත ප‍්‍රධන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවූ බවත් පොලිසිය කියයි.