(සිතුම් චතුරංග)
එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිත කළැයි සැලකෙන කිලෝග්‍රෑම් තුනක් පමණ බර දිරාගිය ක්ලේමෝ බෝම්බයක් මන්නාරම, පෙරියකඩෙයි මුස්ලිම් පල්ලිය අසළදී අද(06) සොයාගත් බව මන්නාරම පොලිසිය කියයි.
මුස්ලිම් පල්ලිය අසළ කානුවක් පවිත්‍රකරමින් සිටි මන්නාරම නගරසභාවේ සේවකයින් පිරිසකට මෙම ක්ලෝමෝ බෝම්බය හමුවී ඇති බව පොලිසිය පැවසීය.
යුද සමයේ ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානය බහුලව භාවිත කළ ක්ලෝමෝ බෝම්බ වර්ගයට මෙය අයත් බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
බෝම්බය කිසිවෙකු විසින් එම ස්ථානයට ගෙන දැමුවේද නැතිනම් එම ස්ථානයේ කාලයක සිට තිබුණේද යන්න පිළිබඳව සොයාබලන බව පොලිසිය කියයි.
සොයාගත් ක්ලේමෝ බෝම්බය ආරක්ෂිතව ඉවත් කිරීම සහ නිශ්ක්‍රීය කිරීම සඳහා මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකායට බාරදීමට නියමිතය.