පෙරියකඩවල වැවත් වාන් දමයි



 
 
රෝවන් පෙරේරා   

 
දිගින් දිගටම පැවති වර්ෂාවත් සමඟ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරියකඩවල වැව පිරී වාන් දැමීමට පටන් ගෙන ඇති අතර වාන් දමමින් පවතී.


අක්කර 900 පමණ විශාල කුඹුරු අක්කර 300 පමණ වගා කටයුතු කරන මෙම වැව වසර දෙකකට පසුව වාන් දමන බව ප්‍රදේශවාසීහු පවසති.


මෙම වාන් දැමීමෙන් ගම්මාන කිහිපයකට ගංවතුර තත්වයක් ඇතිවී තිබේ.


මුන්දලම හේන්යාය ගම්මානයේ නිවාස 100 පමණ ජලයෙන් යටවී තිබූ අතර නිවාස 25 පමණ තවමත් ජලයෙන් යටවී ඇත.