පෙරපාසලක් වසාදමයි-ළමුන් 10ක් නිරෝධායනයේ


(දීපාල් ද සිල්වා)

බටපොළ පොල්ලැව්ව ප්‍රදේශයේ පෙර පාසලක දැරියක් කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගැනීම හේතුවෙන් එහි සේවය කරන ගුරුවරියන් තිදෙනෙකු සහ පෙර පාසල් ළමුන් 10 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇතැයි බටපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. රොෂාන් සෝමරත්න මහතා පැවසීය.

එසේම,  පෙර පාසල 23 වැනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන තිබේ.

ආසාදිත දැරියගේ මුල් පෙළ ආශ්‍රිතයන් වූ ළමුන් 10 දෙනා එලෙස නිරෝධායනයට යොමු කර ඇති අතර, තවත් ළමුන් 20දෙනෙකු නිරෝධායනයට යොමු නොකර ඔවුන්ගේ නිවාසවල රඳවා තබා ඇතැයි ද සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.

ආසාදිත දැරිය අම්බලන්ගොඩ තිලකපුර පදිංචි අතර ඇයගේ පියා ද පසුගිය 06 වැනිදා කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගැණිනි. ඉන්පසු එම පවුලේ දරුවන් තිදෙනාගේ සහ බිරිඳගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේදී, ඒවායේ ප්‍රතිඵල අනුව,  මෙම පෙර පාසල් දැරිය සහ බිරිඳ ද ආසාදිතයන් බව හඳුනා ගෙන තිබේ.

ආසාදිත බිරිඳ සහ දැරිය කරන්දෙනිය රෝහලට ඇතුලත් කළ බව තිලකපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.