(ඩී.ජී.සුගතපාල)
පෙට්‍රල් බෝම්බයකින් ගසා යාබද ඉඩමේ පදිංචි පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කර මිනි මැරිමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අඹු සැමි යුවලක් 18 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(05) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන් ලද්දේ ගාල්ල මහමෝදර පදිංචි නානායක්කාර වසම් පේරු කන්දගේඉන්ද්‍රලතා (64) සහ තනවීර ආරච්චිගේ යසපාල(62) යන අඹු සැමි යුවළකි.
තුවාලකරු සහ සැකකරුවන් අසල්වැසියන් වන ඔවුන් පදිංචි ඉඩමට වසර විසි හතරකට වඩා දීර්ගකාලයක් තිස්සේ පවතින ඉඩම් නඩුවක් තිබෙන බවත් ඒ සඳහා ලැබුණ නඩු තින්දුවලට සිවිල් අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා අභායාචනා ඉදිරිපත් කර තිබෙන බවත් පෙලිසිය අධිකරණයට කියා සිටියේය.
මේ අතර පසුගිය 4වනදින උදේ තුවාලකරු වැට මායිමේ තාප්පපයක් බැඳිම සඳහා කාණුවක් කපමින් සිටියදි සැකකරුත් ඔහුගේ බිරිඳත් තුවාලකරු සමග ආරවුලක් ඇති කරගෙන ඇති බවත් පසුව සැකකාරිය නිවසේ තිබු බැගයක් ගෙනැවිත් දුන් අවස්ථාවේ සැකකරු එහි තිබු පෙට්‍රල් බෝම්බයක් ගෙන එයින් තුවාලකරුට පහරදි ඇති බවත් පොලිසිය කියා සිටියේය.
පසුව කරන ලද පරික්ෂණයේදි නිවසතුල තිබු පැට්‍රල් මිලි ලිටර් 1660ක් පහන්තිර,හිස් බෝතල් කිහිපයක්ද සොයාගෙන ඇත.
පෙට්‍රල් බෝම්බ ගසා පුද්ගලයකුට තුවාල කළ අඹු සැමි යුවළ රිමාන්ඩ්
Recommended Articles