පෙට්‍රල් ප්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට


(ජුඩ් සමන්ත)

කුඩා ප්‍රමාණයේ ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ පෙට්‍රල් ලීටර් 1050 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසියේ රථ වාහන අංශය පවසයි.

සැකකරු ආඩිගම - මදවක්කුලම පදිංචිකරුවෙකි.

මෙම වැටලීම  ඊයේ (15) ආඩිගම - කම්මන්දළුව ප්‍රදේශයේ දී සිදු කර ඇත.

පෙට්‍රල් තොගය බැරල් 5 ක අසුරා තිබී ඇත. මෙම පෙට්‍රල් තොගය අලෙවි කිරීම සඳහා මදවක්කුලම ප්‍රදේශයට රැගෙන යමින් සිටි බව සැකකරු පවසා ඇත.