(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
පූඩළුඔය-තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ දී ලොරි රථයක් හා යතුරුපැදියක් අද (19) මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනෙක් බරපතල තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
ලොරි රථයේ රියදුරා හා යතුරුපැදියේ ගමන් කරමින් සිටි දෙදෙනා මෙසේ තුවාල ලබා ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතල නිසා ගම්පොල රෝහලට මාරු කළ බව වෛද්‍යවරු පවසති.
අනතුරට පත් ලොරි රථය පූඩළුඔය සිට තලවාකැලේ දෙසටත් යතුරුපැදිය තලවාකැලේ සිට මහනුවර දෙසටත් ධාවනය කරමින් තිබියදී මෙසේ අනතුර ලක්වී තිබේ.