පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට


පුල්මුඩේ, තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ.
 
මසුන් තොගය ‍ඩිංගි යාත්‍රාව තුළ ‍දමා සැකකරුවන් පළාගොස් ඇති බවට  තොරතුරු අනාවරණය වී  ඇත.
 
 එහිදී, ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, භාවිතා කරන ලද විදුලි නොවන ඩෙටනේටර් කොපුවක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 50 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, මසුන් තොගය, අනෙකුත් ධීවර ආම්පන්න සහ උපකරණ  ඉදිරි කටයුතු සඳහා පුල්මුඩේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.
 
 නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක්  මෙම වැටලීම සිදු කර   තිබේ.

(36698)