හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු
වනාතවිල්ලුව කරඩිපූවල් ප්‍රදේශයේ පොල්වත්තක වල දමා තිබු විවිධ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක්,ගිණි අවි හා පතරොම් කිහිපයක් සොයා ගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලැබි තිබු තොරතුරක් මත පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින් එක්ව කරඩිපූවල් ප්‍රදේශයේ අක්කර 75ක් පමණ විශාල පොල් වත්තක් පරික්ෂා කළ අවස්ථාවේ දි එහි වල දමා තිබු මෙම ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය පවසයි.
හදුනා නොගත් පුලුරණ ද්‍රව්‍ය තොගයක් ද හමුවී ඇති අතර එය සි පෝ වර්ගයේ ඒවා බවට සැක කෙරෙන බවත් ඊට අමතරව බෝර 12 තුවක්කුවක් හා එයට යොදන පතරොම් 7 ක් ද විදුලි නොවන ඩෙටනේටර් 99 ක් ද හමුවි ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාද පරික්ෂණ ඒකකයේ නිලදාරින් ද සහාය ඇතිව අද ( 17 දා ) උදෑසන පරික්ෂණ යළි ආරම්භ කරණ බවත් එම නිලධාරිහු කියති.