(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දින 11ක් තුළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කළ පුද්ගලයකු අද(04) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 2ක් රදවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත් විදුර මංචනායක මහතා පොලිසියට අවසර ලබාදුන්නේය.
මෙසේ රඳවා තබාගැනීමේ නියෝගය ලැබුවේ හෝමාගම පදිංචි සඳුන් සමීර සේනානායක නමැති 25 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු දින කිහිපයක් නවාතැන් ගෙන සිටි නිවසේ හිමිකාරිය වන අවිවාහක ගුරුවරියට සහ මෙහෙකාරියට පිහියෙන් ඇණ ඝාතනය කිරීමට උත්සාහ කිරීමේදී එම ගුරුවරිය බරපතල තුවාල සහිතව නිවසින් පිටතට දිව ඇවිත් අසල්වාසීන්ගේ ආධාර ඉල්ලා කෑ ගසා ඇතැයි පොලිසිය කියයි.
සැකකරු දිව ගොස් ගසකට නැග සිටියදී පොලිසිය මහත් පරිශ්‍රමයක් දරා අල්ලාගෙන ඇති බවද පසුව අධිකරණයට ඉදිරිපත් කළ බවද පොලිසිය පවසයි.