පුත්තලමෙන් එකතු කළ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය විනාශ කිරීමට පියවර


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලමේ ප්‍රදේශ කිහිපයක ජනතාව සහ කාර්යාල වල භාවිතා කර ඉවත දැමූ විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය මධ්‍යම පරිසර අධිකාරිය විසින් එකතු කර එවා විනාශ කිරීම සඳහා ඉන්සි සිමේන්ති සමාගමට භාර දීම අද (21) සිදුකෙරිණි.

පුත්තලම නගරය සහ අවට ගම්මාන කිහිපයක ජනතාව සහ කාර්යාල වල භාවිතවෙන් ඉවත් කරනු ලැබූ විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා පුත්තලම මධ්‍යම පරිසර අධිකාරිය විසින් මාර්තු 18 සිට ජංගම ලොරි රථ සේවයක් යොදවා තිබුණි.

එලෙස එකතු  කළ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම ඉන්සි සිමේන්ති සමාගමට භාර දීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එච් . එන් චිත්‍රාන්නද මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම මධ්‍යම පරිසර අධිකාරි කාර්යාලයේදී සිදුකෙරිණි.