( එච්. චන්දන )
පුත්තලම සමෘද්ධි බැංකුව තුළ හටගෙන තිබූ ගින්න නිවා දැමු බව පුත්තලම පොලිසිය පවසයි.
අද අලුයම ඒ ආසන්නයේ ඉන්ධන පිරිවුම්හලේ සේවකයින් සමෘද්ධි බැංකුව වහලෙන් දුම් පිට වන අයුරු දැක 119 දැනුම් දීමෙන් පසුව පුත්තලම පොලීසිය නගර සභා ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා තිබේ.
දැනට කරන ලද මූලික විමර්ශන වලට අනුව බැංකුවේ සිවිලිමෙන් ඉහළ කොටස් හා විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
බැංකුවේ විදුලි මීටර්ය අසලින් හටගත් ගිනි ගැනීම පද්ධතිය තුළ ගොස් සිවිලිම ඇතුළත ගිනි ගන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.
බැංකුවේ පරිගණක හා විදුලි උපකරණ වලට හානී වී ඇති දැයි විදුලිය නොමැති නිසා පරීක්ෂා කිරීමට අපහසු වී තිබේ.
වෙනත් ලිපි ලේඛන වලට හා ගෘහ භාණ්ඩ වලට කිසිදු හානියක් සිදුවී නොමැත. සිද්ධිය පිළිබදව පුත්තලම පොලීසිය පරීක්ෂණ පවත්නු ලබයි.