(ප්‍රියාණි මංගලිකා)
දැනට තාවකාලිකව නවතා ඇති නාරම්මල සහ අවට ප්‍රදේශවල ජනයාගේ ජල සැපයුම් සම්පත වන පීල්ලකන්ද ජල මූලාශ්‍රය ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කරදෙන ඉල්ලා අද (08) ප්‍රදේශවාසීහු දම්පැලැස්ස මංසන්ධියේ දී විරෝධතාවයක නිරත වූහ.
මෙම ඓතිහාසික ජල මූලාශ්‍ර සම්පත විනාශ කරමින් පීල්ල කන්දේ පස් කපමින් පරිසරය වනසන ජාවාරම් කරුවන්ගෙන්, පීල්ලකන්ද ජල මූලාශ්‍රය ආරක්ෂා කරදෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ද අවස්ථාවට එක්ව සිටියහ.