පී.සී.ආර් පරීක්ෂණය සිදුකළ බේරුවල 66 කට කොරෝනා නෑ


(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල පන්නිල ,චීන කොටුව යන ප්‍රදේශ වල කොරෝනා ආසාදිතයන් හඳුනාගනු ලැබූ ග්‍රාම නිලධාරි වසම් සහ ඒ අවට පදිංචිකරුවන් 66 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා වලට අනුව ඔවුන් කිසිවෙක් කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වූ බව  කළුතර දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගල මහතා අද (26) පැවසීය.

පී.සී.ආර් පරීක්ෂණයට ලක්කළ පුද්ගලයින් 66 දෙනා අතර  ගැබිණි මව්වරුන් 15 දෙනෙකු ද සිටින බව ඒ මහතා කීය.

බේරුවල පන්නිල හා චීන කොටුව ප්‍රදේශ වල ඉකුත්දා හමු වූ පළමු ආසාදිත පවුලේ ප්‍රධාන සාමාජිකයන් සමඟ මෙම පිරිස ඇසුරු කර ඇති බව වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගල මහතා සඳහන් කළේය.