(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඝාතනය කළ බවට සැකකරන කාන්තාවකගේ මළ සිරුරක් පිළියන්දල අලුත්පාර මාම්පේ ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී අද(01) හමු වූ බව පිළියන්දල පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගෝනපල කුඹුක පදිංචිව සිටි උදේනි ගීතාංජලී නමැති 47 හැවිරිදි සිව්දරු මවකි.
ඊයේ (30) දහවල් මෙම කාන්තාව නිවසින් පිටව ගොස් තිබූ බව මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය පවසයි.
ඇය අතුරුදන් බවට ඇගේ සොහොයුරා විසින් මොරගහහේන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව කළ පරීක්ෂණවලදී මළ සිරුර සොයාගෙන ඇත.
පිළියන්දල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.