(දිලීප් ජයසේකර)
සුරියවැව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි 10 හැවිරිදි පිරිමි දරුවෙකුට රෝහලේ වැසිකිළිය තුළදි බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ යුධ හමුදා සෙබළෙකුට රුපියල් 5000ක දඩයක් හා වසර 07ක බරපතළ වැඩ සිර දඩුවමක් හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (15) නියම කළේය.
මෙලෙස සිර දඩුවම් නියම වුයේ ශ්‍රි,බක්මීගම,මැදවච්චිය පදිංචි 44 හැවිරිදි තිදෙරු පියෙකුටය.
2012-02-21 වන දින සැකකාර යුධ හමුදා සෙබලා සුරියවැව රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි තවත් යුධ හමුදා සෙබලෙකුගේ සාත්තුවට වාට්ටුව තුළ නැවති සිට ඇති අතර එහිදී අගතියට පත් වයස අවුරුදු 10ක් වු පිරිමි දරුවාද රෝගි තත්වයකට නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිට තිබේ.
එහිදී මෙම සිදුවීම වී ඇති අතර වාට්ටුබාර හෙද නිලධාරීනිය සිදුවීම සම්බන්ධයෙන් රෝහල් අධිකාරීවරයාට දැනුම්දී සුරිය වැව පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති වරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ සැකකරුට එරෙහිව නඩු පවරණු ලැබිණි.ඊට අදාල නඩු විභාගය අවසන් කරමින් හම්බන්තෙට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කළේය.
දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 06ක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක්ද නියම කළ අතර අගතියට පත් ව දරුවාට රුපියල් ලක්ෂයක වන්දි මුදලක්ද ගෙවන ලෙස නියෝග කෙරුණි.
එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසර තුනක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රංගිකා රා
ජපක්ෂ මහත්මිය පෙනිසිටියාය.