පිය පුතු සිහිකර එතෙර මිතුරන්ගෙන් මගී ආවරණයක්


ඉතාලියේ නාපොලි සහ මිලානෝ යන නගර වල වසර 20කට අධික කාලයක් සේවය කර නිවාඩුවක් ගත කිරිම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දුම්රිය අනතුරට පත්වූ පිය පුතු දෙදෙනකු සිහි කිරිමට ඔවුන්ගේ ඉතාලි මිතුරන් මගී ආවරණයක් ඉදි කර පසුගියදා  ජනතා අයිතියට පවරා දුන්නේය

තම කැබ් රියෙන් යමින් සිටි සිටි පිය-පුතු දෙදෙනකු වෙන්නප්පුව - බණ්ඩිරිප්පුව අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයේහිදී   මෙම අනතුර වී තිබුණි.

වෙන්නප්පුවේ පදිංචිව සිටි   සුජීව ප්‍රනාන්දු සහ ඔහුගේ පුතු සිතුර සංජීව ප්‍රනාන්දු සිහිකිරීමට සිදු කළ මෙම පුණ්‍ය කර්මයට   සුජීවගේ මවත් සොහොයුරන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා ඇතුලු මිතුරන් පිරිසක් සහභාගී වූහ.

ඉදිරියේදී මියගිය පිය-පුතු සිහිකර තවත් වැඩසටහන් සංවිධානය කිරීමටද කටයුතු යොදා ඇත.

 1512629_676772889067688_2683989167800004812_n 10435913_1567268753504584_7369685107560400332_n 10599158_676772575734386_3522615422489011503_n 10606361_676773015734342_7172911711781037892_n sihu1