පැටවුම් යන්ත්‍ර ක්‍රියාකරු යන්ත්‍රය පෙරළී එතැනම මරුට


(රංජිත් රාජපක්ෂ)

හැටන් වටවල ප්‍රදේශයේ ගල් කොරියක පැටවුම් යන්ත්‍රයක් ධාවනය කල ක්‍රියාකරු පැටවුම් යන්ත්‍රය පෙරලි එම ස්ථානයේදිම (16) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි එම්.අලිම් (35) නැමති අයෙකි.

වටවල පොලිස් වසමට අයත් අග්‍රඔය ප්‍රදේශයේ ගල් කොරියක කඩා තිබු කළු ගල් කොන්ක්‍රිට් ගල් කඩන යන්ත්‍රයට දැමිම සදහා පැටවුම් යන්ත්‍රයක් කඩා තිබු කළු ගල් රැගෙන යන අවස්ථාවේ පැටවුම් යන්ත්‍රය පාලනය කරගත නොහැකිව පැටවුම් යන්ත්‍රය අද (16) එහි ක්‍රියාකරු ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

කළු ගල් පටවා ධාවනය වෙමින් තිබු පැටවුම් යන්ත්‍රය ක්‍රියාකරුගේ පාලනයෙන් මිදි අඩි 25 ක් පමණ ප්‍රපාතයට පෙරලෙන අවස්තාවේ ක්‍රියාකරු එම පැටවුම් යන්ත්‍රයට යට වි ජිවිතක්ෂයට පත් වි ඇති බවත්, ජිවිතක්ෂයට පත් පැටවුම් යන්ත්‍රයේ ක්‍රියාකරුගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා වටවල රෝහලේ තැන්පත් කර ඇති බවයි වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විතානගේ මහතා කියා සිටියේය.