(සුමතිපාල දීයගහගේ සහ ඩී.ජී.සුගතපාල)
පහළොස් හැවිරිදි පාසැල් සිසුවියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දහඅට හැවිරිදි තරුණයකු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය නියෝග කළාය.
පාසැල් යන බව පවසා නිවසින් පිටව ගිය මෙම සිසුවියව ඉමදුව බස් නැවතුම්පොළට ගෙන්වා ගත් සැකකරු කනංකෙ නලවන පිහිටි සැකකරුගේ නිවසට ගෙන ගොස් අපයෝජනය කර ඇති බවත් පසුව ඇය නැවත බස් නැවතුම්පොළට රැගෙන ආ අවස්ථාවේ ඔවුන් දෙදෙනාවම අත්අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
සැකකරු සහ සිසුවිය අතර ප්‍රේම සම්බන්ධයක් පැවති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.
සිසුවිය කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබීමට ද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.
ඉමදූව පොලිසිය පරීක්ෂණ පවත්වයි.