පාසල් සිසුන් සඳහා වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනය ලබන වසරේ සිට


(නිමල කොඩිතුවක්කු)


සියලූම පාසල් සිසුන් සදහා වසර 13ක අනිවාර්ය අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන ලබන වසරේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවසීය.


මේ අනුව දරුවන් සාමාන්‍ය පෙළ  විභාගය අසමත් වුවද තොරතුරු තාක්ෂණය, කෘෂි විද්‍යාව,  ඇලූමිනියම් තාක්ෂණය, කලා, ක‍්‍රීඩා ඇතුලූ වෘත්තිය විෂයන් 26කින් කැමති විෂයක් ඔස්සේ තම ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකිරිමේ හැකියාව ලැබෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.


ඒ සදහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගෙන ඇති බවත් ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් මේ දිනවල සිදුකරගෙවන යන බවත් ඔහු කියා සිටියේය.


අවුරුදු 13ක  අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ  නියාමක වැඩසටහන් මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් ඒ අන්ව  පසුගිය වසරේදි පාසල් 42කත් මේ වසරේදි පාසල්  153කත් මෙම නියාමක  වැඩසටහන ක‍්‍රියාත්මක කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 


මේ මගින්  රැකියා වෙළඳපොළට ගැලපෙන, විශේෂිත වූ  දක්ෂතා තියෙන අයට ඉදිරියට යාමේ අවස්තාව හිමිවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.