(නිමල කොඩිතුවක්කු)
‘‘ළගම පාසල හොඳම පාසල’’ වැඩසටහන යටතේ ඉදිකරනු ලැබූ පාසල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කහතුඩුව, වෙනිවැල්කොළ ජාතික සම්පත් හා තොරතුරු මධ්‍යස්ථානයේ දී අද (9) පැවැත්විණි.
මෙම උත්සවයට සමගාමීව වෙනිවැල්කොළ ‘‘ශිෂ්‍යෝදා’’ විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික ආයතනය විවෘත කිරීම ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
රුපියල් මිලියන 65,000ක වියදමින් ක‍්‍රියාත්මක ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ව්‍යාපෘති 18,000ක් ඉදිකිරිමට නියමිත අතර එහි තෙවැනි අදියර මෙලෙස විවෘත කෙරිණි.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම ආසන සංවිධායක එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි





