පාරක් හදා දෙන්නැයි උද්ඝෝෂණයක්



 ( රංජිත් රාජපක්ෂ සහ ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)                        
                                                   
අඹගමුව ප්‍රදේශිය සභාව යටතේ පාලනය වන ගිනිගත්හේන පේරගොල්ල මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා එම මාර්ගය දෙපස ගම්මාන පහක පදිංචිකරුවෝ  අද(13) උද්ඝෝෂණයක නියැලුණහ.


ගිනිගත්හේන නගරයෙන් එම මාර්ගයට පිවිසෙන හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ මංසන්ධියේ දි මාර්ගය අවහිර නොකර සාමකාමි ලෙස උද්ඝෝෂණය පැවැත්විණි.


කිලොමිටර් 6 කින් යුක්ත මෙම මාර්ගය වසර 6 කින් පමණ ප්‍රතිසංස්කරණය නොකිරිම නිසා එම මාර්ගයේ මේ වන විට  විශාල වලවල් හැරි මාර්ගය අබලන්ව තිබේ.


මේ හේතුවෙන්  රථවාහන ගමනා ගමනයට මෙන්නම ගම්වාසීන් මුහුණ දෙන දුෂ්කරතාවන් පිළිබඳ පවසමින් ඔවුහු මෙම උද්ඝෝණයේ නියැලුණහ.


 ගිනිගත්හේනෙ කිනිගල,කපුගෙදර,කොස්වත්ත,පේරගොල්ල,හොරකඩ,ඇතුළු ග්‍රාමසේවා වසම් දෙකකට අයත් පවුලු 1500 පමණ මෙම ගම්මාන වල පදිංචිව සිටින අතර ,එහි පදිංචිකරුවෝ රජයේ රැකියාවල ,කුලි වැඩ සහ  තේ වගාව ජිවන උපාය වශයෙන් සිදු කරන්නෝ වෙති.


මෙම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලන බව උද්ඝෝෂකයෝ පවසති.