පාර මාරුවෙමින් සිටි අයෙක් රිය අනතුරකින් මරුට


(කේ. බුද්ධික කුමාරසිරි )

 
හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දිය ආසන්නයේ දී පාර හරහා මාරු වෙමින් සිටි පුද්ගලයෙකු මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මිය ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි.
 
 ඊයේ (15) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ එම තැනැත්තා කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
 
මිය ගිය පුද්ගලයා 58 හැවිරිදි විමල් කාරියවසම් නමැති මහරගම නාවින්න ප්‍රදේශයේ පදිංචිකරුවකි.
 
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය සහ එහි රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.