පාපැදි සොරෙකු අල්ලයි


(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)

මීටියාගොඩ හා ඒ අවට පොලිස් බල ප්‍රදේශවලින් පාපැදි සොරකම් කරන අයෙකු සොරකම් කරන ලද පාපැදි 10ක් සමග අද (29 ) පස්වරුවේදි සැකපිට ප්‍රශ්න කිරීම සඳහා හික්කඩුව මලවැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි.

විසි හැවිරිදි මේ සැකකරු තදින්ම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති අයකු බවද පොලීසිය කියයි.

සැකකරු මෙසේ සොරකම් කරන පාපැදි ඉතාම අඩු මිලකට අලෙවි කොට මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පුරුදුව සිටි අයෙකු බවද පොලිසිය කියයි.

මීටියාගොඩ, කරන්දෙණිය, අහුන්ගල්ල, අම්බලන්ගොඩ යන පොලිස් බල  ප්‍රදේශවලින් සැකකරු පාපැදි සොරකම් කර ඇති බවද පොලිසිය පවසයි.

මීටියාගොඩ පොලිසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.