(තිළිණි ද සිල්වා)
පානීය ජල බෝතල් සඳහා පනවා ඇති නීතිරීති උල්ලංඝනය කළ වෙළඳසැල් හිමියන් 408 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන ඇත.
මෙලෙස නඩු පවරා ඇත්තේ පසුගිය වසරේදී පාලන මිලට වඩා වැඩි මිලට පානීය ජලය බෝතල් අළෙවි කළ සහ ඒ සඳහා වන තවත් නීතිරීති උල්ලංඝනය කළ වෙළඳ සැල් හිමියන්යට එරෙහිව බව එම අධිකාරිය සඳහන් කරයි.
මිලි ලීටර් 500 යේ පානීය ජල බෝතලයක් විකිණිය හැක්කේ රුපියල් 50කට පමක් බවද එම අධිකාරිය සඳහන් කළේය.
එම අධිකාරිය සඳහන් කළේ 2017 වසරේදී එම නීති උල්ලංඝනය කළ වෙළඳසැල් හිමියන් 128 කට නඩු පැවරා ඇති බවයි.
වසර දෙක තුළ එම නඩු පැවරීම මගින් අයකරගත් දඞ මුදල රුපියල් දාහතර ලක්ෂ හැත්තෑ දෙදහස් නමසීයක් වන බවද පාරිභෝගික සේවා අධිකාරිය කියා සිටී.