පානදුර තොටවත්තේදී පොලිසිය - ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ආරක්ෂක හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක් පැද වූ පුද්ගලයකුට දඬ පත්‍රිකාවක් ලබා දීමේ සිද්දියක් මුල් කරගෙන පොලිස් නිලධාරීන් දෙදෙනකු රඳවාගෙන සිටි පානදුර තොටවත්ත ප්‍රදේශවාසීන් හා පොලිසිය අතර ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩි තැබීමට සිදු වූ බව පානදුර උතුර පොලිසිය කියයි.

 
සිද්දිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන පානදුර දකුණ පොලිසියේ රඳවා ඇතැයි පොලිසිය කියයි.
 
පානදුර උතුර පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු 119 හදිසි ඇමතුම හරහා ලද පණිවිඩයක් දීම සඳහා පානදුර උතුර තොටවත්ත ප්‍රදේශයට ගොස් යළි පොලිසිය වෙත පැමිණෙමින් සිටියදී ආරක්ෂක හිස් වැසුම් නොමැතිව යතුර පැදියක් පදවාගෙන පුද්ගලයෙකු පැමිණ ඇතැයි පොලිසිය කියයි.
 
එම යතුරු පැදිය නතර කර දඬ මුදලක් නිකුත් කර යලි එම ස්ථානයෙන් පිටවීමට සුදානම් වීමේදී යතුරු පැදිය වටකර ගත් විශාල පිරිසක් එම පොලිස් නිලධාරීන්ට එම ස්ථානයෙන් පිටවීමට ඉඩ නොදී යතුර පැදියේ යතුර ඔවුන් බාරයට ගෙන තිබූ බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.