(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බණ්ඩාරගම ගල්කුඩේදී අද(22) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.
මීට මාස පහකට පමණ පෙර කේරල ගංජා සමඟ බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවක් මේ වනවිට එම ව්‍යාපාරය කලුතර බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින පුද්ගලයකු හා සම්බන්ධ වී මහාපරිමාණයෙන් සිදුකරන බවට පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය ලද තොරතුරක් අනුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම කාන්තාව ව්‍යාපාරිකයකුට මීට දින කිහිපයකට ඉහතදී වෙඩි තබා බරපතල තුවාල සිදුකර කලුතර බන්ධනාගාර ගත කර සිටින පාතාල සාමාජිකයාගේ පෙම්වතිය බව පොලිසිය පවසයි.