අසනීපයෙන් පසුවන ප‍්‍රවීණ ගායන ශිල්පී ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්තට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනිමට අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා රුපියල් ලක්ෂයක් පිරිනැමීය.
80 දශකයේදී ජාතික තරුණ සේවා සභාවේ සංගීත අංශයෙන් කලා ලොවට බිහි වූ ගායක ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත බැලීමට ඇමැති රෝහලට ගියේය.
ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අනුග‍්‍රහයෙන් ඇමැතිවරයා මෙම ආධාර ලබාදුන් අතර ප‍්‍රින්ස් වෙනුවෙන් ඔහුගේ නැගණිය ශිරෝමි ප‍්‍රියංගිකා මහත්මියට රුපියල් ලක්ෂය පිරිනැමිණි.




