ඩී.ජී.සුගතපාල
නිසි අවසරයකින් තොරව ප්‍රාදේශීය සභාව සතු පාරක් අවහිර වන ලෙස ඉදිකරමින් තිබූ තාප්පයක් පරික්ෂා කිරිමට ගිය ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ කාර්මික නිලධාරින් දෙදෙනෙකුට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකු ඇප මත මුදා හැරීමට ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26) නියෝග කළේය.
මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ පුස්සවෙල හේවගේ නිස්සංක සමරසිංහ නමැති අයෙකි. ඔහුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරිණි.
අඟුලුගහ කබරගල ප්‍රදේශයේ ප්‍රාදේශිය සභාව සතු පාරක් අවහිර වනසේ සැකකරු විසින් තාප්පයක් ඉදිකරමින පවතින බවට ලැබුණු මහජන පැමිණිලි අනුව එය පරික්ෂා කිරිම සඳහා ගිය සභාපතිවරයාට සහ කාර්මික නිලධාරින් දෙදෙනාට සැකකරු සාපරාධි බලහත්කාරය පෑ බවට කරන ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.