ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල ඇඳුම සොරාගත් 2ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කටුනායක පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිවසට ඇතුළු වී ඔහුගේ නිල ඇඳුම සොරාගෙන ගිය පොලිස් වෙස් ගත් කණ්ඩායමක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.
 
දෙහිවල නිවාස සංකීර්ණයේ පිහිටි  පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිවස ඇතුළු නිවාස තුනක ප්‍රධාන දොරටුවලට අලුතින් වෙනත් අගුලු යොදා මොවුන් මෙම සොරකම කර ඇත.
 
අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනා මහරගම සහ පොල්පිතිගම පදිංචිකරුවන් වන අතර පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂකයන් දෙදෙනෙකු බව ද පොලිසිය කියයි.
 
මෙම නිවාස පිහිටි ගොඩනැගිල්ල සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර පැවති ගැටළුවක් මීට හේතු වී තිබේ.
 
ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශනවලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.