පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට



 
 
නිශාන්ත කුමාර 
 
මීගහකිවුල  අග්ගලා උල්පත ගම්මානයේදී පුද්ගලයකුට පහර දී තුවාල සිදු කිරීමෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් සිටි පුද්ගලයින් දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව කැන්දකැටිය පොලිසිය පවසයි.

සිද්ධියට අදාළ තවත් පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කන්දකැටිය පොලිසිය කියයි.

සිද්ධියෙන් තුවාල   ලබා ඇත්තේ  මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේ   වයස අවුරුදු 43 ක පුද්ගලයෙකි.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා  මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

පැරණි ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය විය.