(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ නගරයේ වෙළෙඳසැළක් පිටුපස ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි කම්කරුවන් පිරිසක් මතට අද (05) පස් කන්දක් කඩාවැටී එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ තලවකැලේ, රත්නගිරිය, පාමස්ටන් කොලණියේ පදිංචි ඩබ්ලිව්. එම්. ජයරත්න (34) නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.
තුවාල ලැබූ අනෙක් දෙදෙනාද එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් බව පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ කම්කරුවන් 20 පමණ පිරිසක් සේවය කරමින් සිට ඇතැයි පොලීසිය කියයි.
තලවකැලේ පොලීසියේ නිලධාරීන් හා නගරවැසියන් එක්ව බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් කම්කරුවන් මතට වැදුණු පස් ඉවත් කර කඩිනමින් රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබිණි.
තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනා ලිඳුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
මෙම සිද්ධිය පිළිබඳව තලවකැලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.