පස් කඩාවැටී බෝගහවත්ත-නාවලපිටිය මාර්ගය අවහිර වෙයි


(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි සහ නාවලපිටිය- ලලිත් සිසිර කුමාර)

බෝගහවත්ත- කලපිටිය හරහා නාවලපිටිය මාර්ගයට වර්ධනකුඹුර ප්‍රදේශයේදි පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන  ගමනාගමනය කටයුතු අද (02)සවස සිට නවතා දැමීමට පොලීසිය පියවර ගෙන තිබේ.

මේ පිළිබඳව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ දිඹුල- පතන විධායක ඉංජිනේරුවරයා විසින් එම ස්ථානයට  රථ වාහන ඇතුළත් කිරීම  අවධානම් සහිත බව දැන්වීම් ප්‍රදර්ශණය කර රථවාහන රියදුරන් දැනුවත් කොට තිබේ.

මාර්ගයට ඉහළින් පිහිටි වගුරු බිමක් සහිත ප්‍රදේශයෙන් ගලා බසින මඩ සහිත ජලයෙන් මාර්ගය එකම මඩ වගුරක් බවට පත්ව ඇති අතර එම ස්ථානයෙන් මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ගෙන යනු ලබයි.