පලායමින් සිටි ආධුනික සෙබළු දෙදෙනකු අත්අඩංගුවට


(සමිපත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි)

යුද්ධ හමුදා ආධුනික  සෙබළුන්  දෙදෙනකු  පුහුණුව  අතරතුරදි දියතලාව යුද්ධ හමුදා  කදවුරෙන් පැන  පලායමින් සිටියදී  බලන්ගොඩ  නගරයේදී  පොලිසිය විසින්  අද (26)   අත්අඩංගුවට ගෙන  ඇත .

වෙලේවැව නවගත්තේගම  ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 ක සහ කළුහාවෙල  ,යක්කල මුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 ක  ආධුනික  ⁣යුද්ධ හමුදා සෙබළුන් දෙදෙනකු මෙලෙස පොලිස් භාරයට  ගෙන  ඇත.