පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳුන් 10 කට නඩු



 
 

 
(ජේ.කේ.එල්.චාමින්ද)

                                                
නරක් වු කරවල, අලෙවි කිරිමට සුදානම් කර තිබිම, නරක්වු පළතුරු යොදාගෙන පළතුරු බීම සකස් කිරිම හා පාරිභෝජනයට නුසුදුසු පොල්තෙල් අලෙවි කිරිමට තැබීම යන චෝදනා යටතේ  වෙළඳසල් හිමියන්  දස දෙනෙකුට විරුද්ධව  නඩු පැවරිමට කටයුතු කරන බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.


සමහර වෙළඳසල් හිමියන්ට චෝදනා පහ හයක්  තිබෙන අතර හෝටල්වල නුසුදුසු පරිදි පවත්වාගෙන ගිය  වෙළඳසල් හිමියන්ට ද නඩු පැවරිමට කටයුතු කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.


මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ද සහයෝගය ඇතිව  කළේගාන හන්දියේ සිට  තොටගොඩ දක්වා  හෝටල්, තේ කඩ, තොග ගබඩා හා පළතුරු බිම හල් ඇතුළු වෙළදසැල් 16ක් පරික්ෂා කරනු ලැබීය.  


මෙම වැටලීම සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 18 දෙනෙකු සහභාගී වු බවද බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.


පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග අලෙවි කිරිමට සුදානම් කර තිබු වෙළඳසල් හිමියන්ට හා නුසුදුසු හෝටල් පවත්වාගෙන ගිය වෙළඳසල් හිමියන් 4 දෙනෙකුට විරුද්ධව නඩු පවරා රුපියල් 80,000ක දඩ මුදලක් අයකරගෙන ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.