පරිගණක සොරා ගත් අයෙක්ට සිරදඬුවම්


ඩී.ජීසුගතපාල
 
හික්කඩුව හෙන්නාතොට විද්‍යාවර්ධන  විදුහල බිඳ රුපියල් 106,400ක් වටිනා පරිගණක සහ රූපවාහිනියක් සොරකම් කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිශ්ශංක මහතා අද (18) බරපතල වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් 319,200ක දඩයක් නියම කොට සිරදඬුවම දස වසරකට අත්හිටුවනු ලැබිය.

දඩය නොගෙවන්නේ නම් තවත් එක් වසරක සිරදඬුවමක් ද විත්තිකරුට නියම විය. මෙසේ දඬුවම් නියම වුයේ අලුත්ගම ගුරුගේ සජිත් ලක්මාල් ද සිල්වා නමැති විත්තිකරුටය.

හික්කඩුව පොලිස් වසමේ පිහිටි හෙන්නාතොට විද්‍යාවර්ධන විදුහල 2008 ජනවාරි 16 වැනි දා බිඳ රුපියල් 24,000ක් වටිනා රූපවාහිනියක්, රුපියල් 73,000ක් වටිනා පරිගණකයක්, රුපියල් 5500ක් වටිනා ප්‍රින්ටරයක්, රුපියල් 3900ක් වටිනා යූ.පි.එස් යන්ත්‍රයක් ඇතුළු දේපල සොරකම් කිරිම සම්බන්ධයෙන් විත්තකිරුට එරෙහිව පොදු දේපල  පනත යටතේ නඩු පවරා තිබිණි.