(එම් .සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ නගර සභා ප්‍රධාන කාර්යාල භූමියේ අද (18 ) පැවති අබලි ද්‍රව්‍ය වෙන්දේසිය නගර සභා උප සභාපති කමල් වැල්ලගේ මහතා හා ගැනුම්කරුවන් අතර ඇතිවු උණුසුම් තත්ත්වයක් නිසා වෙන්දේසිය අතරමග නතර කර දැමීමට අමබලන්ගොඩ නගර සභාවට සිදුවිය.
අම්බලන්ගොඩ නගර සභාවෙන් ඉවත් කරන ලද අබලි ද්‍රව්‍ය මෙහි වෙන්දේසියට තබා තිබිණි.
මෙම වෙන්දේසියේදි අම්බලන්ගොඩ නගර සභාවේ උප සභාපති කමල් වැල්ලගේ මහතා හා මේ වෙන්දේසියෙන් අබලිද්‍රව්‍ය මිලට ගැනීමට පැමිණි ගැනුම්කරුවන් අතර ඇතිවූ කලහාකාරි තත්ත්වය සමතයකට පත් නොවීම නිසා අමබලන්ගොඩ නගර සභාව එය අතර මග නතර කිරීමට පියවර ගත්තේය.
මේ වෙන්දේසියෙන් අබලි ද්‍රව්‍ය මිලට ගැනීමට ආ ගැනුම්කරුවන් පිරිසක් තමන්ට අම්බලන්ගොඩ නගර සභාවේ උප සභාපතිවරයා පහර දුන්නේ යයි කියමින් අම්බලන්ගොඩ පොලීසියටද පැමිණිළි කළහ.
වෙන්දේසියට ආ ගැනුම්කරුවන් පිරිසක් සිය වෙන්දේසිය කඩා කප්පල් කිරීමට පියවර ගත්තේ යයි කියමින් අම්බලන්ගොඩ නගර සභාවේ ලේකම්වරිය ඇතුලු නිලධාරිහුද අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කළහ. මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ නගර සභාවේ උප සභාපති කමල් වැල්ලගේ මහතාගෙන් කළ විමසීමකදි ඒ මහතා කීවේ තමන් වෙන්දේසියට ආ කිසිම ගැනුම්කරුවකුට පහර නොදුන් බවත් ගැනුම්කරුවන් කළ අසාධාරණයකට තමන් එරෙහිවූ නිසා ඔවුන් මේ වෙන්දේසිය කඩා කප්පල් කිරීමට කටයුතු කළ බවය.